Monday, March 09, 2026
Follow Us
මමයි වැරදී
දැනන් අකලට පිපුණු මල් බව
සිතින් පෙම් කවි ගොතන් හෙමිහිට
ගතින් ළං වුණ පෙමක් තිබුනද
ඉරක් විය එය දියේ මතුපිට.....

මලුත් විකසිත වුනත් ටිකකට

මියෙන බව මං දැනන් හොදටම
හිතට වද දී තුරුලු කරගෙන
මලට දොස් කිවයුතුද අද මම....?
තරුත් දිලිසී නොපෙනි යාවී
මලුත් විටකදි පරව යාවී
පෙමත් දිනයක මිලින වේවී
ඉතින් ඇත්තට මමයි වැරදී....
මමයි වැරදී..