Thursday, September 17, 2026
Follow Us
පොතම වැසුවා
තෙත
බරිත ගල්
බොරළු පිරි මඟ...........
ගත
සිදුරු කර
දැනෙන සීතල ............
හුගක්
වෙහෙසයි
මෙතෙක් ආ දුර............
ඉතින්
දැන්වත්
නිමා වේවිද ...............
මලින්
බරවුණු
උයන් දුටුවෙමි..............
සයුරු
වෙරලක
දෙපා දෙව්වෙමි.............
රඟ
හලක
උනුසුමක් වින්දෙමි.......
සිහිනයකි
එය
අවදි වූයෙමි ................
ගතත්
වැහැරී
රිදුම් දේවී............
රැදුනු
වැරහැලි
දිරා යාවී..............
දෙනෙත්
බොදවී
නොපෙනි යාවී.......
තවම සිත
පෙම්
කවි ලියාවී...........
දිනක්
ඒ රුව
මනෙත ගැටුනා......
සසරෙ
හුරුවක්
හිතත් ඇසුවා.........
නැවත
පෙම් කවි
ලියමි සිතුවා.........
අන්සතුයි
කවි
පොතම වැසුවා........
..........ප්රසන්න මංජුල .....