අතහැරුණු ප්රේමයක මතක හිත පාරද්දි
නෙත් කෙවෙනි රතු කරන කඳුළු බිඳු වෑහෙද්දී
නුඹේ සුවඳ රඳවමින් මද පවන හමා යද්දි
නුඹ නිසා සැනසුනා ජීවිතය ගිලිහෙද්දි..........
කවියකින් හමුවෙලා කවියකින් වෙන් වෙච්ච
ආදරේ වචන වල හිරකරන් තනි වෙච්ච
නොපෙනෙනා ඉසව්වක හෙමි හෙමින් රැඳවිච්ච
තනි තරුව මං තමයි රෑ අහසෙ තනිවෙච්ච........
ඉකිගහන මහ රෑක ලංවෙලා සැනසෙව්ව
ගී ගයා හද පුරා සෙනෙහසම ඇතිරෙව්ව
හමුවනා විටදි මුව සිනහවෙන් පොපියෙව්ව
ඒ තරුව මං තමයි අමාවකට මියැදෙව්ව............
තාරුන්යා පතිරගේ