සසර යා කළ රන්හුයෙන්
බැඳුනමුත් දෑගිලි වැරෙන්
දේශසීමා එකට යා කළ
නුඹව සුරකින්නට වරම්
දේශයේ සුරැකුම මතින්
පා තියා ඇවිදින කලට
ලැබෙයි මට හරසරින්
මගේ පපුවේ නැලවෙන්න
දින ගණින නුඹ දකිමි
පණ ලැබුවේ ඒ පපුව
මව්බිමේ අනුහසිනි
දිනෙක මේ හුස්ම පොද
ගිලිහුණොත් යුධ බිමේ
සුළං රැල්ලක දවටා
එවමි මම පණිවුඩේ
දිවි පිදූවත් මව්බිමට
අන් සිහින සුරැකීමට
ආදරිය දුර හිඳින කල
මගේ පෙම අවතැන්ය...
