Monday, March 23, 2026
Follow Us
ලෙන්ගතුකම
මේ අඩ සද නුබ
දෙන්නේ නෑ මට පුර සද.
දනිමි පෙම්බර පහස නොයෙනා බව
කෙදිනවටත් මා වෙත..
තරු අරන් සැරැසෙන නුබ..
මට කදුළු දි ඇහැට.
මේ කොලොම් තොට හීස් මට
බලා ඈතින් හිද..
කියන්නම් මම මෙලෙස..
ආදරේ දුන්නෙම මට
රිදුම් විතරයී හිත ලගට..
ඉතින් අඩ සද බිදුවක් ඇති මට.. කළු වලා
කුලකට වහන් නොවී ඉන්න බිදුවක්..
දි රිදුනු නෙත් ලගට....
සැරසිල්ලක් වී
මොහොතක්.
පමා කොට..
මා නුබ ගැන ලියන්නට..
සෙනෙහසින්..
නුබ දුන්නු ඒ පුංචි එලියට..
ලෙන්ගතු කමට..
 
-චින්තා නිලානි