උඹ කිව්ව හරි උඹට හිතුන විදිහ
" ඔයාට කෙල්ලෝ ගොඩයි "
ඔව් සමහර විට කෙල්ලෝ නම් ඇති
මේ රස්තියාදුව ජිවිතේ තැන් තැන් වල
හමුවීම් ...වෙන්වීම්...ආදරේ ම නෙවෙයි
හිනාවුනා ... කතා කලා... වෙන්වුනා
සමහර විට ආදරෙත් කියන්න ඇති .......
එහෙම නෙවෙයි ආදරේ දැනෙන්න ඕනේ බන්
ඒකට කාලයක් ....අවස්ථාවක් ... තැනක් නෑ
මං හිතන්නේ ඒක පුදුම ම අහම්බයක්
දැනෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න ......
" ඉතින් මං උඹට ආදරේයි බන් "
මේක උඹට විශ්වාස නෑ... ඕනෙත් නෑ
ඔව් ඉතින් විශ්වාස කරන්න ඕනෙත් නෑ
මං උඹට ආදරේයි ..... එච්චරයි .............
නිර්වාණ ..