Friday, October 18, 2024
Follow Us
මං ඉන්නෙ වැලිකඩ
අප්පච්චි රට ගිහින් අනිද්දට මාසයයි...
අම්මා අප හැර ගිහින් මේ වෙද්දි සති දෙකයි...
ඉතුරු ටික ලියන්නත් ඇඟිලි වෙවුලන හැඩයි....
ගෙදර එන්නකො තාත්තෙ නංගි ගැන මට බයයි...

අලුත් එක බැලුවදැයි කමෙන්ට් ගොඩ අස්සේ...

ලින්ක් එකක් පා වුණා ඔන්ලයින් වැස්සේ...
අදහන්න බැරි නිසයි ඇස් දෙකත් පිස්සේ...
ඔළුවෙ හෙන පිපිරුවේ අනේ ඉන් පස්සේ...
දඟලන්න වාරු නැති ඒකි පොඩි කෙල්ල...
රළු පරළු දෑතකට වී තිබුණා මෙල්ල...
නිවී ගිය මොහෙතෙ මගෙ ඉවසීමෙ දැල්ල....
තාත්තේ මම ගිහින් කැපුවා උගෙ බෙල්ල...
සිවු දෙනා අපි හිටියා හරිම සන්තෝසයෙන්...
හිත හිතා ඉන්නැතුව එන්න දැන් ඉක්මනින්....
දැක්කොතින් නංගිගේ හෙළුව යූ ටියුබයෙන්...
ඔයාගෙත් පපු කුහර පිච්චේවි ගින්දරින්....
ආවෙ නෑ කිසි කෙනෙක් හිටිය උන් බැඳ බඩ...
පරිවාසෙ මිස් එක්ක ඒකි ගියෙ අඬ අඬ...
මට ඉතින් නෑ තනිය මං ඉන්නෙ වැලිකඩ...
" යතුර " ඉස්තෝප්පුවෙ හතරවෙනි කණුව උඩ...
 
සේපාලිකා විතානගේ