Wednesday, October 16, 2024
Follow Us
ඔබමයි හිමි
වැහි දිය මිහි මත වැටි වැටි
දෝරෙ ගලන හැන්දෑවක
ඔබෙ අත ගෙන තුරුලට වී
ඉන්න හිතෙන හැම මොහොතෙම
හැඟුම් හිතේ සඟවාගෙන
ඔබට ගයන ගිරවිය මම්
දෑත් අතරේ තුරුලට ගෙන
ඔබ සෙනෙහස පුදනවනම්
සීත දැනෙනන හැන්ඳෑවට
උණුසුම වී ඉන්නවනම්
දැනෙන සුසුම් පවන් රැලෙන්
සිත සත පා ගන්නම් මම්
ගෞරවයෙන් රැකගෙන මා
හිත නොරිදා ඉන්නවනම්
දුක දැනෙනා හැම මොහොතෙම
ඔබ මා ළඟ රැදෙනවනම්
නිවන් දකින තුරු සසරේ
ඔබමයි හිමි පතනෙමි මම්
 
-ප්රදීප් වර්ණකුලසූරිය