Monday, February 02, 2026
Follow Us
ප්‍රේමයෙන් බැඳුණු හිත
සූරියකාන්ත මල් අයිති නැතුවම ඉරට ප්රේම කරනවා
බාඳුරා මල් ප්රේමයක් නැතුවම සතුන් අයිති කර ගන්නවා
ඒත් එතනදි වැඩිපුරම සුන්දර අයිතියට වඩා ප්රේමය

ප්රේමයට පුළුවන් මනුස්සයෙක්ව සනසන්න ; හිනාවක් දෙන්න ; නිවන්න .

ආදරේ කරද්දී මිනිස්සු හරි ලස්සනයි
ඉතින් අයිතියම නෙවෙයි ප්රේමය කියන්නෙ
දන්නවද,
අයිති කරගන්න එක ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් උනාට ප්රේම කරන්න පුළුවන් එක ම එක ආත්මෙකට විතරයි
ඒ නිසා ඒ ආත්මයට අයිතිය පසෙක තබා ප්රේම කරන්න . හරියට ඉරමල් වගේ
ඒක හරි සුන්දර හැඟීමක්
ප්රේමයෙන් බැඳුණු හැම හිතකටම දවසක එකතු වෙන්න පුළුවන් වෙන්න ඕනෙ ...!!

-Daisy