Saturday, April 19, 2025
Follow Us
ඇයත් ගැහැනියක්
හිතත් පපුවත් දෙකට වෙන්වුන
හිරිවැටුන ගත රිදුම් ළං වුන
සයනයක ගැහී රැයක් එළි කල
ඇයත් ගැහැනියක් දුකත් අදුනන....

 මොණර කොළ ළඟ මැරුණු හිරි ඔතප් සිරුරූ

සායමට ඇලුම් ගත් රුවකි හිත මැරුණු
සින්න කර ළය මඩල කාමයට කුරිරූ
වේදනා උහුල ගත් ලදක් ඇය කුලුණු....
වෙලා ගත් සලුව කම් සැපය යැයි කියනා
ළැගුම් ගත් ගත නමුත් හිත තවත් බිදුනා
අතින් අත පාස් වුනු ඇගේ ගත රිදුනා
පිටින් බැලුවාම බඩුව නම ගෙතුනා....
සිල් පහක් ළඟ තෙවැනි සීලයක් බිදුනාට
නොකරාපු වරදකට ගතින් දුක වින්දාට
සිනාසී පිරිමි ළඟ කම් සැපය පිදුවාට
කවුරුවත් දන්නෙ නෑ ඇගේ දුක ලිව්වාට....
ඇයත් ගැහැනියක්
 

නිරාෂා තිළිණී.