Sunday, September 08, 2024
Follow Us
වෙන කාට කියන්නද?
මැණික ..... ඔයාට කියන්න
දේවල් ගොඩක් තියෙනවා
මං දන්නවා ඒවා අහන එක
ඔයාට මහ වදයක් කියලා ......

 

ඒත් ඒවා වෙන කාට කියන්න ද
ඔයා ඇහුවත් නැතත්
නෑ.....ඔයාම තමයි
ඒ කතා අහන්නම ඕනේ කෙනා.....
ඔයා නැති දවස්.. ඉස්සර වගේම
මහ කම්මැලි එපා කරපු දවස්
මට මහ ලැජ්ජාවක් දැනෙනවා
ඇයි හැමෝම ඔයාට ඔය තරම් ආදරේ .....
නම් වත් දන්නේ නැති
මල් ජාති ගොඩක් මං ගෙනාවා
ඒවා ඔයාට .. ආසයි දන්නේ නෑ
මං ආසම ඔයා ඒවට ආස වෙනවට .....
මං අහන දේවල් කන්දට
ඔයා දෙන චූටි උත්තර වලට
මට බනින්න ඕනේ ... ඇයි ඒ.. අහන්න ඕනේ
ඒත් මේ බිත්ති හතර සීලිම හැමතැනම ඔයා ...
හීන ගොඩක් නම් දැක්කා
ඒවා එකක්වත් නපුරු නෑ
ඒත් මහ පාළුවක් දැනෙනවා
මට ඕනේ නෑ ඔයා හීනෙක දකින්න .......