Thursday, September 24, 2026
Follow Us
පෙම් කරන තරු
ගැන්සියේ දහස් දෙනෙක්,
පහු කරන්න ඇති මාව,
සංසාරයේ පුරුද්දක්,
ගෑවිලා තිබ්බේ නෑ,
උන් ගාව...
ජීවන පන්තියේ,
උඩු කොණේ උන් නුඹ ගාව,
හුරු පුරුදු බවක්,
දැනුනා මට හොදටෝම...
දහා අතේ ඇවිදලා නොසැහෙන්න
හති වැටිලා ඉද්දි හමු උන කුසුම,
මගේ ඇහේ දැවටෙද්දි,
නුඹෙ නෙත් බැල්ම...
ඔකටනේ කෙල්ලේ මම,
අහු උනේ සංසාරෙම...
ඉතින් මේ මම දකින,
අහස නුඹට පෙනෙනවාද..?
අර ඈත තුරුල් වෙලා..
පෙම් කරන තරු පේනවාද..?
උඹ තමයි අර ඈත,
නිවි නිවී දැල්වෙන තරුව,
මම තමයි උඹ කියවද්දි,
අහං ඉන්න ඒ ලග තරුව...