Friday, October 18, 2024
Follow Us
පැතූ පැතුම් සුන් වුණා
කපා මහ ගස්
දවා ඒ සැම
අලුත් හේනක්
වැපුරුවා.....
කව්පි,මුං,මෑ
ඉරිඟු කුරහන්
දැමුව සැමතැන
විසිරුවා.......
රකින්නට වන
සතුන්ගෙන් එය
ගියා හිමි මා
සනසවා......
අනේ දෙවියනි
දෙපා තිරිසන්
සතුන්විත් මා
කෙලෙසුවා..
වැදවැටී උන්
දෙපා පාමුල
අයැදුවා මගේ
පතිදම.......
හැපුව,හීරුව
කෑ ගැසුව මම
දන්නෙ දෙවියොයි
ඒ සැම......
එක එකා ලැග
හිරු දකින තුරු
දුන්න දුක් හැම
මොහොතෙම...
බලන්නට බැහැ
ඔබේ මුව මට
සමා වෙනු මිය
යමි.මම......
කුසේ පැටියෙකි
නුඹේ සුවදැති
පැතු පැතුම් අපෙ
සුන් වුනා......
ගතේ වනයකි
රිදුම් ඇතිවෙන
දුගඳ සැමතැන
පැතිරුනා......
නුඹට තුරුළුව
බොහෝ දිනවල
වැව් තලේ මා
සැනසුනා........
ඒ් වැවේ වැව්
පතුලේ නුඹගේ
පතිනි සදහට
සැතපුනා.......
හිතේ එඩි ඇති
නුඹේ දෑසින්
කඳුලු වැල් පිට
නොවේවා.......
නිතර විකසිත
සිනහ කැකුලිය
කිසිදිනක පර
නොවේවා........
තනිය,පාළුව
හිත වෙලාගෙන
දුකක් කිසිදින
නොවේවා........
මතු භවෙත් අපි
දෙදෙනහට මේ
විපත්තිය සිදු
නොවේවා
...........ප්රසන්න මංජුල