" හත්මුතු පරපුරක නම්බුව උබේ අතේ ...
එන්නට නම් එපා ආපහු මගේ පුතේ ...
දීගය කටුගෑම ලේසියි කියා සිතේ ...
තනිවුණ ගැහැණියට ගැරහුම් ඉවර නැතේ "
අම්මා කී නිසා ගෙයි ගින්දර හංගා ...
ඉවසා සිටියෙ දීගෙක යනතුරු නංඟා ...
සැමියා එතත් මහ රෑ එහෙ මෙහෙ රිංගා ...
සුවඳින් දොවා දොළ දෙමි හදවත භංගා ..
කෙහෙරැලි,බොක්ස් ටිකට්,ස්පා බිල් සෑම ...
අවනඩු නොවී මැන්නා මගෙ ඉවසීම ...
සීසෑමක් නැතත් පැතුවේ සැනසීම ...
කාලය පැනගියා දූදරුවන් හාම ...
කලවයසත් ඇවිත් සුවදයි මල් රාගේ ...
පෝරුව මතින් සිහිනෙට ගැලපෙන දීගේ ...
අද මම හිතන්නෙත් එදවස මව වාගේ ...
මේ සංසාරයේ හරි , වරදක් නෑඟේ ...
...ශ්රිමතී වල්පොල