සිහිනය දෑසෙ මවමින් මට පෙම් බැන්ද..
සදවත නුඹත් මම වාගෙම තනි යෙන්ද..
නෙතු යට මැවෙන රූපය මකමින් නින්ද..
බොද කල කදුලු පිසලන්නට පුලුවන්ද ...
සීතල දැනෙන සයනේ මගෙ සැතපෙන්න..
සදවත අදත් මැදියම් රැයෙ ඔබ එන්න..
පතිවෘත රැකන් උණුහුම් තුරුලට වෙන්න..
සදවත ඔබේ සියොලග මට ඉඩ දෙන්න..
සෙනෙහස සුවද කැටිකර හාදුව දුන්නේ..
දිලිසෙන නෙතග නිල් පාටිනි බැබලෙන්නේ..
සීතල සුළග නැත දැන් ගත දැවටෙන්නේ..
කවදද සද වතේ මම කැන්දන් යන්නේ...
මා ගත නිබද මදු සමයට සැර සෙනවා..
පුර හද හොරෙන් අපි තනිකර බැස යනවා..
සීතල දැනෙන මද පවනක් නැග එනවා..
කුළුදුල් මගේ ගත නුඹ ලග නැල වෙනවා..
තාලය වයනු හැක මාගේ පුළුල් ස්වරේ..
පුර සද තරු ද සැතපුන පසු වනන්තරේ..
නෑසෙන පරිදි සියළුම දා අගුල් දොරේ..
මා සනසන්න සදවත ඔබ නිරන්තරේ..
පිටවෙන සිහින් කෙදිරිලි හඩ රැවු දෙන්නේ..
සදවත ඉතින් මම සුර ලොව ලග ඉන්නේ..
හිරි මල් දෙපෙති තාලයකට ගැස්සෙන්නේ..
තුනුවිල සතුටු දිය දහරින් නැහැවෙන්නේ..
-තරංග සඳකැලුම්