Sunday, September 08, 2024
Follow Us
මම යනවා
මම යනවා
- කොහෙද? මාත් එන්නම්?
+ එපා
- ඇයි මට එන්න එපා කියන්නෙ
අනික ඇයි මේ තරහින් වගේ

 + මොකද මං තව දුරටත් ඔයාට ආදරේ නැති නිසා.

- දැන් විහිළු එපා ළමයෝ
+ විහිළු නෙවෙයි.
මට තවත් ඔයාව එපා.
මං යනවා.
- ඒත්... ඇයි?
+ මට ඔයා ගැන ආදරයක් නෑ.
එච්චරයි.
- ඔයාම නේද මට මුලින් ම ආදරෙයි කිව්වෙ?
ආ?
+ ඔව්. මම තමයි.
- එහෙනම් ඔයාම ඇයි මට ආදරේ නෑ කියන්නෙ දැන්?
+ ඒ ඉස්සර.
අවුරුදු හතරකට කලින්. ඒ කාලේ ආදරේ හිතුනා තමයි.
ඒත් දැන් මට ඔයා ගැන ආදරයක් නෑ.
- හ්ම්ම්....
+ මං යනවා.
ඔයාට ඉක්මනටම මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියල හිතනවා.
- ඒ ගැන වද වෙන්නෙ ඇයි ඔයා? ආ?
ඔයාට යන්න ඕනි නම් යන්න.
+ ඔයාට දුක නැද්ද?
- දුකයි. ඒත්....
+ ඒත්? තව මොනාද?
- ඔයා ගැන නම් නෙවෙයි දුක.
මං ඇයි ඔයා වගේ කෙනෙක් නිසා දුක් වෙන්නෙ?...
ඔයාට මාව එපා නම් මටත් එපා.
දැන් යනව කිව්වෙ, යන්න ඉතින්.
ආයේ කවදාවත් එන්න එපා.
මං දිහා හැරිලවත් බලන්න එපා.
+ පුදුම කෙල්ලෙක්නෙහ්?
ඔයා මට ආදරේ කරලා නැහැ.
ඔහොම හරි ලේසියෙන් මට යන්න කියන්නෙ ඒකනෙ...
ආදරේ කළා නම් මට වැඳ වැඳ පස්සෙන් එන්නෙ. ඔහොම කියන්නෙ නෑ
- ඔයාට සතුටු මං අඬ අඬා ඔයාට යන්න එපා කියලා පස්සෙන් ආවොත් ද?
මං ආදරේ කළා.
ඒත් මේ මං ඉස්සරහ ඉන්න ඔයාට නම් නෙවෙයි.
මගේ ළඟින් මං වෙනුවෙන් හැමදාම උන්නු,
ඒ ආදරණීය මනුස්සයට මං ආදරේ කළේ.
ඒත් එයා දැන් මැරිලා. ඔව් එයා මැරිලා.
+ මං මැරිලා කියලද ඔයා දැන් හිත හදා ගන්නෙ?
තමන් ආදරේ කළ මනුස්සයා මැරිලා කියල හිත හදා ගන්න ඔයා, ආදරේ කරලා නෑ.
ඒකයි ඇත්ත.
- ඔයා නෙවෙයි එයයි මැරුණෙ.
මට ආදරේ කරපු, මං ආදරේ කරපු ඒ ලස්සන මනුස්සයයි මැරුණෙ.
මං ඔයාව අඳුරන්නෙ නැහැ.
ඉතින් ඔයා ගියා කියලා, මට පාඩුවකුත් නැහැ.
ඔයා මොනව කළත්, මට වැඩකුත් නැහැ.
මට ආදරේ දෙන්න එයා දැන් නැහැ.
ඉතින් ඒ අඩුව පිරෙන්න මං මට ආදරේ කරනවා.
අනික මට පිස්සුද,
මට පණටත් වඩා ආදරේ කරන මගේ අම්මගෙයි තාත්තගෙයි හීන වගේ ම ගෞරවය,
ඔයා වගේ
අඩුම තරමෙ මං අඳුරන්නෙත් නැති නිකමෙක් වෙනුවෙන් දිය කරලා දාන්න?
මට ආදරේ කරන අය වෙනුවෙන් මං ලස්සනට ජීවත් වෙන්න ඕනි.
මං මාව ම හරි ලස්සනට පරිස්සම් කර ගන්නවා
ඔයා දැන් යන්න
Venus