Thursday, January 16, 2025
Follow Us
ඔය රූපය
අහබ්බෙන් මුණ ගැහුන
ඔය රූපය
අවුරුදු ගානක් හිතෙන් අයින් කරන්න
මං ගත්ත වෑයමක්
ඒත් ,දවසින් දවසය
ඔය රූපය
මතකෙට එන වාර වැඩියි
මගේ වළාකුළේ
මං කියලා මොනා කරන්න ද
බලන් ඉන්නවා ඇරෙන්න
මොකද මං දන්නවා
ඔය වළාකුළට පෙම් බදින්නේ
මම විතරක් නොවන වග
නමුත් ආයෙ හමු වුනොත්
මගේ ඇස් දිහා බලන් ඉන්න
තේරෙවි එදාට
ඒ හැමෝටම වඩා
මා ඔබට ප්රේම කරන වග
ඉතින් මගේ වළා කුළේ
පරිස්සමෙන් ඉන්න මං එනකම් .....!
 
-නිසදැස් කවි අරණ