Monday, February 02, 2026
Follow Us
ප්‍රේමයම යනු
කෙලින් මූනට නොකිය හිටියත්
මං නිසා හදවත රිදෙන්නැති...
කලින් ආදරේ තිබුනු තැන් වල
සමහරක් දුක් කදුලු නම් ඇති...
මගේ ආදරෙ නුබට ඉඳ හිට
එපා වී තරහක් හිතෙන්නැති...
කමක් නැ මම හෙමිහිට හැරෙන්නම්
නුඹේ හිනාවම මගෙ හිතට ඇති...
අපි ආව මග සමහරක් තැන්
ආදරේ ඉතිරිලා තිබුනා...
සමහරක් මං සන්දිවල අපි
බදාගෙන එක දිගට ඇඩුවා...
මතක එක්කම හිත හදාගෙන
තනියමම මං හිතාගත්තා...
ප්රේමයම යනු පිදීමක් මිස
අයිතියක් හෙම නොවෙයි කියලා...
 
-රාහුල