පොත් බෑග් එල්ලගෙන පොඩි උන්ව දැක්කාම
මතක් වෙයි මට එදා ඇවිද ගිය කටු පාර
ජීවිතේ දිනන්නට අඩි තියා සීරුවට
කුමට නම් ආවාද අද සිතෙයි සන්සුන්ව…
ජීවිතේ පෙරළියක් දකින්නට හැමදාම
හිතාගෙන මාරුතේ අපි දිව්වෙ මැරතන්ය
ඉතින් මා මිතුරනේ හති හැදෙයි ලඟ සිටම
වාඩි වී ගිමන් හැර යන්න ඇත්නම් නේද…
වසර විසි හතරක්ම අතේමය පොත් බෑග
කළු ලෝගුවෙන් පසුව තේරුනේ මේ අවුල
පුන පුනා පැන පැනා දැනුම ගොඩ ගැහුවාට
කෝ මචං සල්ලි දැන් අම්මටත් ලෙඩ නේද ?
-යාන් කාරයෝ