උමතු අහස පුරා,
මනමාල සිනිදු කතා,
කට කාර මුව පුරා,
දගකාරකම් වෑහුනා...
සේදෙන්න හිත පුරා,
ගැලුවාලු ස්නේහය කදුළු වෙලා,
දරා ගත නොහැකි තැනකදි,
උමතු වළා,
පාවි ගියාලු කළු අහස පුරා...
සද සිනිදු තරු ඇති නිදන රාත්රියේ,
නුබ මගේ නළල සිප ගත්තේ ද ලදේ,
පපුවට ලං වෙලා හෙමිහිට කිටි කිටියේ,
නිදා උන්න හින්දාමයි මා පෙම් පාටට,
සෙනෙහේ උනේ....
හද ඉමේ පල්ලේ නුඹ හැපි හැපි නිතර,
දගකලේ නුඹ සොරකම් කල හිත අතර,
වියාකූල අහසට නිල් පාට ලා හිරන උන
නුඹ මගේ පාට අහසයි තරු එළිය කල....
-Tharidu kahawaththa