Thursday, September 24, 2026
Follow Us
මා නිවෙන තැන නුඹ
මතක් වුනත් හිත නිවෙන
නුඹ මගෙයි හිත හදන
ජීවිතේ සිත ළඟින් පතන
සැනසුමක් වෙන කොතන

 උණුසුමේන් කිති කැවෙන

භාවනාවක් මා නිවන
සැනසුමෙන් සිත පිරෙන
නුඹ මගෙයි මා විඳින
සිහිනෙනුත් මා සොයන
සෙනහසයි නුඹ වටින
හාදුවෙන් හිරි වැටෙන
නුඹයි ම' සිත පිරිමඳින...
 

නිරෝෂා සමරකෝන්