Monday, February 02, 2026
Follow Us
හොයන් යන ආත්ම

වැවේ හුළඟේ සද්දෙට වඩා,

මට ඇහුණේ ප්රේමයෙන් උතුරන
හිනා සද්ද...!

 වැවෙ සිනහ රැළි එක්ක

තරඟෙට අඩි තියන මට
දැනුනෙම ආදරයේ මිමිණුම...!
සමහර විට ඒ වැව දන්නවා ඇති,
ජීවිත කාලෙම දොඩපු ආත්මයන්ගේ ප්රේමකතා...!
මට හිතුණේ එක දෙයයි,
මේ වැවත් එක්ක
සතුටු ආත්ම
මොනවා කොඳුරනවා ඇත්ද...?
සමහර තනිවුණ හිත් ළඟ
තනිරැක්කේ තාරාවෝ,
උන් නොදන්නවා ඇතී
ප්රේමයේ ඵල විපාක...!
සමහර විට වැවේ පැල් රකින
තාරාවෝ උගන්නනවා ඇතී
ප්රේමයේ අරුමය,
ස්නේහයේ උරුම නගරය
හොයන් යන
ආත්ම වලට...!
ප්රේමණීය පුරයෙහි මා දෑසට හසූ රූප රාමූ අකුරු ගොන්නකින් සිත්තම් කළෙමී...!
ඒ නුවරෙහි ඇති ප්රේම මායාව සැබවින් මා නොදනිමි...!
දැනගන්නට වෑයම් කළ තැන මා සිතට පහළ වන්නේ අකුරු ගොන්නකි...