හුදකලාව කියන්නෙම බෙහෙතක්
කවියො නම් ලියන්නෙම එහෙමයි
ඒත් ඒ වගේ ගෙවෙන මොහොතක්
හරි බරයි රලුයි සීතලයි තෙතයි...
කතා කරමින් ඉන්න ඕනිම හිතෙන දවසක්
අහන් ඉන්නට තරම් අපිටත් දැනෙනා හිතක්
නැතිවෙන්නෙ ඒ පූරුවෙ කරුමෙකටමයි..
යලි මිදෙන්නට නොහැකි වන ලෙසටත් හුදකලා මත්ද්රවයෙ ඇබ්බැහිය මාරයි
මත්වෙන්න මත්වෙන්න ගතටත්
ඕනි අඳුරේම තනිවෙන්න වීම පුදුමයි
පමණටත් වඩා උරුම දරාගැනීම්, රිදුම්, පිරිමැදීමත් ඒ බිඳුනු සිතටම බාරයි
සොඳුරුයි අපූරුයි අගෙයි උදම් ඇනුවාට කවුරුත්
හුදකලාවත් මාරාන්තික විශක් සේ නපුරුයි, රළුයි විකාරයි, සැරයි...
අපිට අපි පව් කියලා හිතෙන මූසල හෙටක්
එක වගේ උදාවන ඉරත් හරි පාලුයි
අනාගතයක් නැතිව අලසව ගෙවෙන රටක්...
ගෙවාගන්නේ කොහොම දකින හීනත් හරිම බාලයි
උණුම උණු කෝපි කෝප්පෙකුත් එක්ක පොතක්
මොහොතකට හදවතේ දිව්ය ලෝකය සාදයි
ඇගයීම් කිසිත් නැති තනිවෙච්ච සිතක්
හුදකලාවත් වෙලාවකට අසාදාරනයි
හරිම නපුරුයි කෲරයි...
-ඉසිපාලී නිලූෂා ඉලේසිංහ