ලියූ කවි සහස් ගණනින්
දෑස් මත්තෙම ගිලිහුනා
නීල අහසේ රක්ත වර්ණෙන්
සොඳුරු සිත්තම් නිමැවුණා
මාම තනිවම මැවූ හීනයේ
අතර මං තොටියෙකි මෙමා
ආකහේ එක් කොනක තනිකර
නුඹ සඳේ රහසෙම බැස ගියා
කවමාදාවත් නොකියාම මා
නුබට ප්රේමිය යැයි කියා
හුස්ම ගත් බෝ දිනක් ගානෙම
නුඹේ නාමෙන් හිනැහුනා
මේඝයිනි රන් පාට තැවරුණ
කවම දා හෝ මා මියෙන දා
ලියූ කවි පද එකක් ගානෙම
ඈ ගාව ගෙන ගොස් තබා
තරු නෙතින් ඈ මුල්ම දිනයේ
බැලූ ලෙස මගෙ නෙත් දිහා
බලා රන්වන් අහස දෙස හිඳ
කියන්නට ඇරයුම් කෙරුව මැන
ආදරේ කෙරුවාද මා හට
ඈ හිතින් හෝ කවමදා....?
ලුසී