බලා ඉමි ඔබ දෙස දුරින් හිද
නෙලා ගන්නට නොහැකි පුන් සඳ
දිලිසෙනා ඔබේ මුවේ හැඩ රුව
බලා සැනසෙමි වේදනා විද
ඔබ ගියත් දුර හිතින් ඉගිලී
හිතේ කූඩුව දැන් පලක් නෑ
අප ගෙනා ඒ කෝටු ඉපනැල්
දිර දිරා තැන ගිලිහි විසිරී
පාලු මාවතේ ඔහේ ඔබ මොබ
ඇවිද යන්නෙමි හිස හැරුණු අත
හිතේ යම්තම් තෙතක් තිබුනොත්
වියලෙනා හද තෙමා යනු මැන
අශේන් සත්සර