Thursday, May 07, 2026
Follow Us
මුළු හඳින් දුන් එකම දේ
පාව ගියත් ඈත ක්ෂිතිජෙ අත් තටු දිග හැර
වාව ගන්න හදවත ඔබ කම් නෑ ඉඩ ඇර
කාව මතක් උන් නෑ අපෙ මතකය නම් මර
දාව නුඹට බිහි වෙන තුරු ඉල්ලමි මම වර

සසරෙ හුරු පුරුදු එක් දේමය..

නිමා කර එකින් එක දාමය..
දුක තියන් සිනහවක් ඒමය..
මුළු හඳින් දුන් එකම දේ ප්රේමය..
 
-සමීර නිරෝෂ්