Sunday, May 05, 2024
Follow Us
අහම්බෙකින් කොහෙහරි හමු වුනොත්
මේක
මම අවසානෙටම ආදරේ කරපු ඔයාට..! 
ජීවිතේ අමාරුම කාර්තුවක් ඔහේ ගෙවිලා යද්දි
අහම්බෙන් ඇවිත් ජීවිතේ හරි
ලස්සන කරපු හරි ආදරනීය මනුස්සයෙක් ඔයා..

 

තේරුම් ගැනීම
විශ්වාස කීරීම
ආදරේටත් වඩා මන් ඒ දේවල් මහ හුගක් ඔයාගෙන් දැක්කා..
කවදාවත් ඔලුව කනව කියන ප්රේමයක්
අපි ආදරේ කරපු කාලෙ එක මොහොතකවත් තිබුනෙ නැහැ..
බොරු රන්ඩු සැක කිරීම්
අපෙ වෙන්වීමට හේතුවක් වුනෙත් නැහැ..
පුංචි මලකින් 
කියවන්න ආස හිතෙන පොතකින්
ලස්සනට ඔතපු ටොපියකින්
හුරතල් කතා ලියපු
පොඩි කොල කෑලිවලින්
අපි ආදරේ හරි හරියට බෙදාගත්තා..
අදටත් ඒවා දාලා එවපු කවර පවා හරි පරිස්සම් මන් ගාව..
පුංචි දේටත් ආදරේ මිනිස්සු
පුංචි දෙයකින් හරි
මහ හුගක් සැනසෙනවා..
එහෙම මනුස්සයෙක් ගාව ආදරේ වුනත් පිරෙන්න තියෙනවා..
මට ඒක කියලා දුන්නෙ ඔයා..
ඔයාගෙන් තමයි ඒ වගේ පුංචි දේවල් වල ආදරේ මහ හුගක් දකින්න මන් පුරුදුවුනෙත්,
හුස්මත් අතහරින්න හිතෙන කාලෙක
ජීවත් වෙන්න හේතුවක් දුන්නු ඔයාම,
අද මගෙන් වෙන් වුන එකනම්
මට මතක් වෙන හැම වෙලාවකම දරාගන්න හරි අමාරුම මොහොතක්..
ඒත්
ඒ මතක් වෙන හැම වෙලාවකම
ඔයා ගැන හරි පුදුම ආදරයක් ඉස්සර වගේම අදටත් මගෙ හිතෙ ඇදෙනවා..
කාලයත් එක්ක සමහර දේවල් වෙනස් වෙයි කියලා හිතුවට,
හිත ඇතුලෙ තදටම ඇදුන තුවාල කාලයටවත් ලේසියෙන් සුවපත් කරන්න අමාරුයි..
අදටත් ඇයි අපි වෙන්වුනෙ කියලා හිතෙනවා
අපිට තව ඉවසන්න තිබ්බනම්
ආදරේට ලෝභ නොවී
බොලද නොවී හිටියනම්
රැයක් එලිවෙනකම් අදටත් කල්පනා කරන්න තරම් දේවල් නොතිබෙන්නත් තිබ්බා..
සමහර වෙලාවට
අදටත් මන් හිත හදාගන්නෙ,
සමහරවිට මටත් වඩා ආදරනීය මනුස්සයෙක් ඔයාගෙ ජීවිතේට එන්න තියෙන්න ඇති..
කවදාහරි අපි හමුවුනා වගේම
අහම්බෙකින් කොහෙහරි හමුවුනොත්
මුල්ම දවසෙදි වගේම ඔය ඇස් වලින් විතරක් මට කතා කරල යන්න ළමයෝ...! 
 
-සාවියා