Sunday, May 05, 2024
Follow Us
කොහොමද මිනිස්සු මෙහෙම වෙනස් වෙන්නෙ
කොහොමද මිනිස්සු මෙහෙම
වෙනස් වෙන්නෙ
එයගෙ ඉස්සර මැසේජස් දිහා බලාගෙන
මං ටිකක් කල්පනා කරා..
ඉස්සර මං නැතුව ඉන්න බෑ කියපු,
මාව නිතරම අහන්න ඕන කියපු,
මගෙ ස්ටෝරිස් තුන් හතර පාරක්
නම සර්ච් කරලම බැලුව කියපු,
එයා වෙනුවෙන් මට ටිකක්
ඉවසන්න බැරිද කියල මගෙන් අහපු එයාට
දැන් මාව ඉන්නවද නැද්ද කියලවත් මතක නෑ..
මං විතරයි ද ඔයාට ඇඩික්ට් වුනේ
ඔයාට මාව එහෙම වුනෙ නැද්ද කියල
හොයාගෙන ගිහින් කෑගහල අහන්න තරම්
වේදනාවක් මට තියෙනවා
හැබැයි මං එහෙම කරන්න ඕනද?
ඉස්සර වරු ගණන් කියවන්න,
කොහේ ගියත් මට කියල යන්න,
ඉවරයක් නැති චැට් එකක් continue කරන්න,
එයාගෙ දුක සතුට හැමදේම මට කියන්න
ඒ හැමදේම එක්ක තිබුණ බැඳීම
ආදරේ නෙවෙයි ද කියල
මට එයාගෙන් අහන්න ඕන..
අපි මුණගැහෙමු ආයෙත් එකපාරක්
මට තියෙනවා ඔයාගෙන් දෙයක් අහන්න
ඉස්සර වගේ නොවුනත්
ටිකක් දුරින් ඉඳන් අපි කතා කරමු..
මං පොරොන්දු වෙනවා
එදායින් පස්සෙ අමාරුවෙන් වුනත්
ඔයාට මං යන්නම දෙනවා..
හැබැයි එදාට එකපාරක් මට කියන්න
මං නැතුව ඔයාට පාළුයි කිව්වෙ බොරුවටද,
ආදරෙයි වගේ මාව බලාගත්තෙ බොරුවටද
ඇත්තටම එක දවසක්වත් මට
ආදරේ හිතුනෙ නැද්ද...?
 
සාවියා - නිසදැස්