Monday, April 29, 2024
Follow Us
ගැහැණු ගැන
ගෑණු ගැන කවදාවත්
පිරිමි හරියට කියෙව්වෙ නෑ ...
ගෑණු තමන් ගැන කියන්න තරම්
මොකුත් දැනගෙන හිටියෙත් නෑ ...
ඇත්තටම ගෑණු තියා පිරිමිවත්
දැනගෙන හිටියෙ නෑ
තමන් කව්ද කියලා...
එක එක විදිහෙ ගෑණු ...
එක එක විදිහෙ පිරිමි ...
මොහොතින් මොහොත
වෙනස් වෙන හිතක් අස්සෙන්
මතුවෙලා නිවිලා යන ලන්තෑරුම් එළි...
ඇත්තටම අපි 100/100 ගෑණු ද...
100/100 පිරිමිද ...
අඩු වැඩි වශයෙන් මිශ්රව නිර්මිත
ගැහැණු පිරිමි සුසංයෝගද ?
හිතන්න
ගෑණු කියන්නේ ගෑණුමද...
වෙලාවකට උන් කරන්නෙ
පිරිමින්ට හිතා ගන්න වත් බැරි ,
මහපොලොව කම්පා වෙලා
නිරුත්තර වෙන වැඩ...
පිරිමිත් එහෙමයි
ගවුම් ඇන්දුවට උන්ට ගෑණියෙක්
හිතන දේවල් හීනෙන්වත් දකින්න බෑ ...
අරුම පුදුම පිරිමි ආත්ම ඉන්නවා
උන්ගෙ දරා ගැනීමේ ශක්තිය
මහපොලොවටත් උහුලගන්න බෑ ...
ලෝකය සුන්දර වෙන්නෙ
විවිධත්වය නිසා...
ලෝකය සුන්දර වන්නෙ
ආදරය හින්දා ...
ලෝකය සුන්දර වෙන්නෙ
නොගැලපීම් හින්දා ...
ලෝකය සුන්දර වෙන්නෙ
අසුන්දර හින්දා ...
තමන්ව රවට්ටන ගැහැණිය ලඟත්
පිරිමි මහමේරුව වගේ දරාගෙන පරෙස්සමට හිටියා. හේතුවක් දන්නෙ නෑ . සමහරු හිතුවෙ දරා ගැනීමයි ආදරේ කියලා. ලෝකය ගල් ගැහුවෙ , හිනා වුණේ නිවැරදි පක්ෂයට.
තමන්ට හිතේ ඉඩක් නොදෙන පිරිමියා ලඟත් අගේට පතිවත රැක්කා ගෑණු . ලෝකය සමච්චල් කලත් එකම පිරි⁣මියෙක් මත්තෙ මැරෙන්න කැප වෙච්ච ගෑණු හරි පුදුමයි.
හේතුවක් දන්නෙ නෑ . ආදරේ දන්නෙ උපදින්න විතරයි . එච්චරමයි .
දුකින් පිරුණු ලෝකය මොහොතකට සුවපත් කලේ ආදරය. මාත්රාව වරදවා ගත් ඒ ⁣⁣එකම ⁣⁣ඔසුවෙන් ලෝකය සැම විටම ගිණිගන්නවා.
ඒකට
ගෑණු ,
පිරිමි
බේදයක් නෑ .
...ශ්රීමතී වල්පොල ..