Thursday, September 24, 2026
Follow Us
පාරමිතා
ඉන්ද්‍රචාප
සළු පළදා
නෙත් දොඩමළු
වුනත් නගේ...........
වැසූ මුවට
නැගුනු සිනහ
මට සඟවා
කිමද නගේ............
රෑට සොඳුරු
සිහින දකින
නුඹ කාගේද
කියන් නගේ...........
ආල බහක්
මම දෙඬුවොත්
මනාපදැයි
කියන් නගේ.........
කාල වර්ණ
මුර්ග රාසි
කාසි වීසි
කලත් නගේ..........
රක්ත නේත්‍ර
රාග බැල්ම
පාන ලීල
විසයි නගේ........
ක්ලේස හීන
ශ්‍රමන වේෂ
බිදෙන සීල
සදිසි නගේ........
පුෂ්ප දාම
සිත් පුරාම
නුඹ මට හිමි
වුනොත් නගේ.........
රූප වර්ණ
බල සමලෙස
යොදා නෙළුව
රුවකි නගේ.......
පූර්ණ චන්ද්‍ර
කිරණ දසත
විදා එළිය
කරන නගේ.......
කෝල සුමට
බස්⁣ තෙපුලා
ප්‍රාන වායු
බිඹින නගේ.........
වීතරාගී
පෙම ලැබුමට
පාරමිතා
පුරමි නගේ.........
 
- ප්‍රසන්න මංජුල