Saturday, April 19, 2025
Follow Us
මට හිමි නැති හිත
සංසාර හෙවනැල්ල මං ගාව තනි
වෙච්චි
පිංසාර හසරුල්ල හිත ගාව මතු
වෙච්ච්
මන්දාර වැසි එක්ක උනුසුමට ගුලි
වෙච්ච්
සුන්ගාර නුබේ වතට මගේ හීන ගොළු වෙච්ච්,,,,,,,,,,,
දම්පාට හීනයක මගේ දැස පැට
ලෙච්චි
ලාපාට සඳ සමග සඳ රාහු හැන්
ගෙච්ච්
පෙමි පාට නුබේ වතට දුටු හීන බොඳ
වෙච්ච්
මගේ හිතට නුබ ආයේ නොදැනෙන්න ලං
වෙච්චි,,,,,,,,,,,,,,,,,,
දුටු හීන හැමදාම හිරු සමග ඇහැ
රෙච්ච්
පටු මාන හැම මොහොතේ මා සමග රජ
වෙච්ච්
මා,තාම නුබ සමග මගේ හිතට යට
වෙච්ච්
තුටු නේක සිත් දැහැන නොතනියට තනි
වෙච්චි,,,,,,,,,,,,,,,,
හිත නිතරම මවයි නැති දේ ඇතයි
කියා
ගත හැඩ කරන මුත් සැනෙකින් කිපෙයි
මෙයා
ලත වෙන හඬන විට හිත ගැන නොකර
සොයා
ගත මෙහි දමා හිත නිතරම ගමනේ
ගියා,,,,,,,,,,,,,,,,
 
- තල්ගොඩපිටියේ
  එම්, එස්, පෙරේරා,