Thursday, September 24, 2026
Follow Us
සැනසුම තිබුනේම
සැනසුමක් තිබුනේම
ඔය පපුව මත්තෙමයි
මගෙ හිතත් සෙව්වේම
දැනුන ඒ හැගුමයි
 
ජීවිතේ කියන්නෙම
නුඹේ ආදරේමයි
මම ඒක වින්දේම
නුඹ ලගදි පමණමයි
ගෙවෙන හැම මොහොතේම
මිමිණුවෙත් නුඹෙ නමයි
නෙතුත් මගෙ සෙව්වේම
සොදුරු ඔය රුවමයි
නින්දෙනුත් හැම රෑම
දැක්කේම නුඹවමයි
හීනෙනුත් පැතූවේම
ඔය සෙනේ විතරමයි ~
දෑත් එක් කෙරුවේම
බුදුන් නිති පුදන්නයි
හිතින් මම හිතුවේම
නුඹට තුන් සරණමයි ~~~~
මතුත් හැම උපදිනා
ආත්මෙන් ආත්මෙම
පතන්නෙත් ඔයාවයි
රත්තරං ඇත්තමයි
 

Sara Saba