Sunday, March 22, 2026
Follow Us
ලේ පැල්ලම
ලේ පැල්ලමක් නැතිව
අතරමං පිරුවටේ...
මධු සමය කටුගෑව
ප්රාණ සම හිමියනේ...
දැන දැනම මගේ ගැන
මැදුර ගිණිබත් කලේ...
ප්රථම ප්රේමය එදයි
ඔබම මිහිදන් කලේ...
වහලියක සේ තබා
රැඟුම පරිචාරිකා...
මට මාවවත් නොදී
දුන්නෙ වද වේදනා...
එක සිතින් බැඳි බැඳී
කලත් ආරාධනා ...
පියඹමින් දස අතේ
කල තරම් චෝදනා...
දරුවන්ගෙ හුස්ම වී
ඇහිළුවත් ජීවිතේ ...
හුරු කරන්නට දුකට
කඳුළුවත් දැන් නැතේ...
හොරු අරන් ගිය මගේ
හුස්ම පිරි මාවතේ...
පියනගන්නෙමි තනිව
කිසි බැඳීමක් නැතේ...
 
... ශ්රීමතී වල්පොල .