Thursday, May 07, 2026
Follow Us
ටිකකට හිනාවෙනවද...
අකුලට වෙලා
සිත සක්මන් කරන රඟේ...
කුකුලට ඉතින්
කොයි කොටුවත් උගෙම වගේ...
කකුලට හිර කරන්
හිටියට රහස අඟේ...
පොකුණට පනින්නයි
මැණිකේ උන්ගෙ දඟේ...
පොකුරට හීන
කැලතෙන කොට දෙවැට දිගේ...
නෙතකට ඇඳුම්
ගැලවිය හැක ගෙදර වගේ...
දුරකට පෙනී නොපෙනී
යන හුස්ම අගේ...
ටිකකට හිනාවෙනවද
නා දල්ල මගේ...
- ශ්රීමතී වල්පොල