තරු පිරුණු අහස යට
නෙක රටා වියමන් මැද
අනන්තය වෙත ඇවිද යමු...
මතක පියවර මැන මැන...
ඇඟිලි එකිනෙක පටලගෙන
සුළඟ කෙහෙරැලි සිඹින මොහොතක
එක හාදුවක් තොල් මත තබමු
ගත සිසිල ගිනි ගන්න...
ටිකක් බර වී උරහිසට
හීනයක් දකිමු දුර ඈත
ඉනවටේ අත දමාගෙන
අත් නෑර යමු තව දුරට..
සඳවතුර මැද තනිවෙමු
දෑස් එකිනෙක පෙනෙන තරමට
හැමදාම ජීවිතේ විඳගමු
සැනසෙන්න මේ අහස යට...
තුරුලු වෙමු අවකාශයක් නැති ලෙස
පයෝදර වත් ඉඩ නොයිල්ලන තරමට...
...ඉන්දුල..