සිතට දැනෙන දුක කදුළින්
හෙලමි රැයේ...
නෙතට නින්ද නේනා
බව දනිමි ප්රියේ....
වතට වෙහෙස කරනා
ඔබට බැදුණු සිත
ළග හරි දුකෙන් වෙලී
කුසට අහර ගන්නට
වත් නොමැති රිසි
කල් යල් බලාලයි
ගොව්තැන් කරන්නේ
තුන්යම ලතැවිලා
මට හරි මහන්සී
කවි සිත ගොළු වෙලා
පන්හිද වාරු නැතී
පෙරදා ඔබේ ලෙන්ගතුකම්
කොහෙද ගියේ...
සැමදා ඉන්න පැතුලෙස
මා ඔබගෙ ලයේ
පරදා දුක කදුළ සෙනෙහස
නැතිද ලයේ..
කවදා පිපේවිද
කවි මල් සිතක යළි
හැරදා යන්න හේතුව වත්
නොමදන්න
පහදා මගේ සිත සතුටින්
පුරවන්න.
-Priyani Aberathna