Tuesday, June 23, 2026
Follow Us
සුවඳ නොකී රහසකි
යුධ වැදුණු සුදු පාට
කාල තුවක්කු අඬ පණයි
විදි සැරින් පිණි බෝම්බ
අහස් කුසුම ගැබ්බර යි...
එතී ඇලිලා බඳේ හිරවුණු
බාඳුරා මල මත මවයි
තෙතට ඇලවෙන බඳේ පතුළක
ගොලුබෙල්ලො පැණි බී නටයි...
හීං සීරුව වේග රිද්මෙන්
අලු පාට කුස් වැසි මවයි
වියළි පත් වුව තණ'ඟ සිඹිනා
හඬ ත් ඇහුණා තරම් නිහඬ යි...
ලාම උණ දලු වැස්සෙ දිය වී
කාල තුවක්කුවෙ තුඬ සිඹී
ක්ෂීර පතයක වර්ණ කැවිලා
කාල තුවක්කුව ගිණි ගනී...
ඌෂ්මායුවේ රස්නෙ දැනිලා
නිදිකුම්බා කොළ නිදි වදී
පිපිරි නිදියන කාල තුවක්කුවෙ
සුවඳ නො කියූ රහසකී........?
??සාක්ෂි බාඳුරා ?