Monday, May 06, 2024
Follow Us
පාලමක් උඩ එලූ
රෙදි කැබැල්ලක් මත වැතිර
උදේ සිට රෑ වෙනතුරු
යනෙන මහ සෙනගට
අතපාන නුඹ කවුද සීයේ

 

ජීවත් වෙන්න සොච්චමක් යදින
සීයෙ නුඹ ගැන
මහත් දුකක් තියෙනව මට
නුඹට දෙන්න සුලු මුදලක්
නුඹ ගැන විමසන්න ටිකක්
නැත මට නවතින්න ඉඩක්
යනෙනා විට මා ඔතනින්
නුඹ දකින්නෙ රෝද හතර
තුළ හිදගෙන
වාහන පෝළිමක් දිගට
වේගෙ අඩු කළොත් මොහොතක්
ඉවසිල්ලක් නැති මිනිසුන්
බෙරිහන් දී හඩවනවා නළා හඬක්
ඉතින් කොහොම නවතින්න ද
හිත ට එනව පුංචි දුකක්
ප්රශ්න ගොඩක් මට තියෙනවා
නුඹ විමසා දැනගන්නට
නැති ද නුඹට ප්රිය අඹුවක්
නැතුව වත්ද දරු මුණුබුරු
ඉන්නවනම් තියයි ද නුඹ පාලම මත
මටම හිතෙනවා විගහට
නුඹ රිසියෙන් ඉන්නවාද
නුඹව ගෙනත් බැස්සුවාද
යාචක මුදළාලි ඔතන
නුඹ දුක්විඳ තර කරන්නෙ මුදළාලිද
නුඹ හොඳට ම දුර්වල බව
පෙනෙනවානෙ බැලු බැල්මට
සැදෑසමයෙ සැනසිල්ලේ
ඉන්න ඕන වයසක මිස
අව්වට වැස්සට පින්නට
ඉන්නම හොඳ නැති වයසක
ඉන්නා නුඹ ගෙන් යැපෙන්න
ලැජ්ජාවක් නැත උන්හට
නුඹ පමණක් නොවේ සීයෙ
අපි හැමෝම පුලන්නො වෙමු එකවිදිහක
නොබෙදෙනවිට ආදායම
සමානවම හැම අතටම
ඇත්තෝ කති බොති යහමින්
නැත්තෝ ඉල්ලති සිගමන්
කුමක්ද මේ අර්ථක්රමය
වංචා දූෂණ දුසිරිත්
මේ කිසිවක් නොමැති වුණොත්
අපි හැමෝම සමානවෙමු
කවදාහරි එහෙම රටක
-කාවි.