නොකියා සිටියත්,
දැනුනා සමහර දේවල්,
ඒ නිසාම වෙන්න ඇති,
ඇවිලෙන්න හිතෙන්න
ඇත්තේ නුඹ නමින්.
මල් මිටිය හරි
ලස්සනයි,
එත් නුඹට නම්
ඇත්තටම මල් පරාදයි,
දන්නවාද....
ඈතින් පිපී තිබුනත් ඉතින්,
මං ලස්සනට දැක්කා,
හැමදාම
පුරුද්දක් තිබ්බා,
නිදහස් තැනක කැරෙකෙන්න.
ඔව් එතන හුගක් සද්දෙට
හුළඟ,
මං හිතන්නේ,
මේ මල් එතනින් කඩන්න
ඇති...
ඔව් මල් උනත් යටයි,
නපුරු හිනාවට,
ඇත්තටම දැන්...
මල් මිටක් කඩන්,
ආයේ එවන්නේ නැතිද..?
මොකද මං බලාගෙන
ඉන්නේ ලියන්න...
නුඹයි මල් පොකුරෙයි,
ලස්සන....
ලියන්න...
ඉතින්
-තරිදු කහවත්ත