Sunday, April 20, 2025
Follow Us
මියදෙන්නටම පොරබැඳු අවසන් නහර
ඉරි තැලුණු විල සිදුණු මානෙල් මැරුණූ
දූවිල්ලටම පෙම් කළ නියගෙක දරුණූ
වැසි නොපතාම ගල්වූ මඩ යට ගිලුණූ
බීජය පෙගවු අනෝරාව නුඹ තියුණූ
මියදෙන්නටම පොරබැඳු අවසන් නහර
පිබිදෙන්නටම හරිතව දැන් ලහි ලහිය
ගලන්නටම වැස්සත් මට නම් මදිය
විල්කණ්ඩියම පුරවනු මැන සුන්දරිය
වසන්තය එන දිනට මල් පුරවන්න
තවත් විල්තෙරට මල්වැසි වස්සන්න
මියැදී උන්න විල්තෙර අස්වද්දන්න
තව ආදරෙන් අහසට වැහි පුරවන්න
 
- කසුන් දුලංජන