Sunday, April 20, 2025
Follow Us
වියැකෙනා සිතුවම්
මතක සැමරුම්
මවයි සිතුවම්
සොදුරු හැගුමන්
නගයි හසරැල්

 සෙනෙහේ සිහිලැල්

පිරෙයි හදවත්
බැඳෙයි තවමත්
එකට සිත් මල්
බිඳුනු කල සිත්
දවයි හදවත්
කඳුල නිතැතින්
ගලයි දිය වැල්
දෑත් පටලන්
ගියපු මඟ තැන්
දකිනවිට හිත්
පාරවයි මොහොතින්
නුඹේ සුවදත්
තවත් රඳමින්
රිදුම් දී හොරැහින්
විදිමි මතකෙන්
එපා තව නම්
වේදනා රිදවුම්
පතමි පැතුමක්
නුඹ නොමැති දිවියක්
෴නිසි෴