Tuesday, May 07, 2024
Follow Us
" ඉතින් තවත් අපි සංසාරේ ගිහින් ඵලක් නෑ... "
" ඉතින් තවත් අපි සංසාරේ ගිහින් ඵලක් නෑ... "
ජිවිතේ සමහර වේලාවට හිතන දේවල් ගැන
අපි හිතන්න ගියොත්...අපිට අපේ හිත් නතර කරගන්න බැරි තරමේ
අප්රමාණ දුරක් අපිට ඇවිදගෙන යන්න වෙනවා...
ඒත්...අපිට කවදාවත් ඔය කියන හිතන දේවල් නතර කරන්න බෑ....
ඔයා දන්නවද....
මම ඔයාට බොරු කියන්න ආස නෑ....මගේ හිතත්...ඔයාගේ හිතත්...
ඔයාටත් හොරෙන් ඔයාගේ හිත...
මට හොරෙන් මගේ හිත අනන්තව එහෙ මෙහේ දුවනවා...
සංසාර ගමන තුල එකට ඇවිදින්න අපි කල්පනා කරන බොහොමයක් බැඳිම්
මේ සංසාර ගමනේම මේ ආත්මයේම දවසක අපිටත් නොදැනිම නැවතිල තියෙන්න පුලුවන්...
ඒත්..
මුලින් කියපු තර්කයට වඩා මම ආසයි...
හිතට දුර තනියම දුවපන් කියල...
ඔයා එක්ක දුවන මේ තත්පරයේ දුවන්න මම ආසයි...
මොකද...ඔයාව නැතුව සංසාර ගිහිනුත් මට තනියම ඵලකුත් නෑ...
ඉතින්
සංසාරේ තනියම මට ගිහින් ඵලකුත් නැති එකේ
එක්කෝ...මේ සංසාර ගමන මේ පාරින් නවත්තන්න ඕන...
එහෙමත් නැත්තම්...ඔයත් මම එක්කම මේ සංසාරය තුල යන්න කැමැති වෙන්න ඕන...
ඒත්...ඒක ඔයාගේ හිත දන්න කාරණාවක්...
මොකද
ඔයාගේ හිතයි...මගේ හිතයි කියන්නේ දෙකක්නේ..
හිර නොවුන ආදරය කතාවක්
නැවතත්...සංසාරයේ ඵලක් තියෙන ගමනක් යන්න ඔයා නැවතත්
මාව තෝරගන්නවද....
සත්තකින්ම....
ආදරෙයි..... ඔව්....ආදරෙයි... සත්තකින්ම...
හුස්ම මත ලියවුන
ආදරය කතාවක ආදරණිය ඉල්ලිම
නැවතත්
සංසාරයේ මම එක්කම ඇවිදින්නට ඔබ එනවද.... ?
 
සඳු ✍️
හිතුවක්කාරයා ✍️