Wednesday, June 24, 2026
Follow Us
හිතුවෙ නෑ ජීවිතය
හිතුවෙ නෑ ජීවිතය
මේ තරම්ම දුෂ්කරය කියා...
හිතුනේම පුංචි කාලේ
මේ කාලේ සුන්දරය කියා..
.
දැන් තමයි තේරෙන්නෙ
මේ කාලේ අමාරුමයි කියා...
යන්න පුලුවන් වුණා නම් යන්නේම
පුංචි කාලෙටයි කියා...
ඇහුවොත් කියනවා
එසැනින්ම හිත එක තැනක තියා...
ඒත්...
ප්රශ්න වලට හොයන උත්තර අස්සේ
තියෙන්නේ ජීවිතය කියා...
මතකයි කියා දුන්නා
අම්මේ එදා ඔයා..
 
✍️ පබැදුම
හිරුණි සදුනිලා