සඳක් ලස්සනයි කරුවල තරමටම...
ඉරක් පෙම්බරයි මල් පිපි තරමටම...
සිතක් සුන්දරයි උහුලන තරමටම...
කවක් සංසිඳෙයි ලියවෙන තරමටම..
පොතක් කියවීම ජීවිතයකි කාගේ...
කවක් කියන්නේ මල් සුවඳක් වාගේ...
හිතක් සොයන්නේ මොනවිදැයි නෑගේ...
නමක් තියෙන තුරු මිරිඟුව වෙයි මාගේ...
හිරු මල් පුබුදයිද ? මල් හිරු පුබුදයිද...?
තුරු සංසාරයක් නිවනක් පනවයිද...?
පිරු පෙරුමන් කුසල් මට මා හමු වෙයිද...?
හුරු
මිරිඟුව....
බොරුද ?
ඇත්තද ?
පවතියි ද ?
-ශ්රීමතී වල්පොල