Sunday, May 05, 2024
Follow Us
ඉතින් ප්‍රේමිය
නුඹට කොහොමදැයි මා​ත් නිතරම අසමි.
මේ ජීවිතයේ දවස් කොහොමත් ගෙවී යන බැව්
අපි දන්නෙමු
අපිට අවැසි වූ ඒ ජීවිතයේ නිමක් නොමැති
නි ද හ ස
අපිට අපෙන්ම ඇති නිසා අපි ඔන්න ඔහේ
නි ද හ සේ ම
ජීවත් වෙන්නේ තව තවත් ජීවිතයේ දවස් වල ලොකු ගමනක
යමින් ගමන්මය...
ඉතින් ප්රේමිය
නුඹ මාගේ සියලුම සැප ගැන සොයා බලන නිසාම
නුඹට කොහොමදැයි මා​ත් නිතරම අසමි...
 
-Nimesh Bandara