Saturday, May 04, 2024
Follow Us
අද වගේ නෙවෙයි
ඒ බං -
හීන පස්සෙන් දුවද්දී
උබට මං මට උබව
මගහැරුනාද මගහැරියාද ,
නෑ එහෙම නෙවෙයි වෙන්නැති!
තාම ඉස්සර වගේමයි ඇල , කුරුම්බා ගස් , කුඹුරු යාය .
රැවුල් ගස් ටික ටික මූණෙ මතුවෙද්දී,
පාර වල් වෙනස් උනා අපි යන්න සිදු වෙච්ච
අපි අපිම හික්මුනා කයෙන් වචනෙන් කියා මට හැගෙන
අද වගේ නෙවෙයි ඒ එඩ්ට් නැති අමුම අමු ළමා කාලය
හවස්වරු තිබුනාද උදේවරු ගෙවුනාද කිසිත් අපි නොදැන
අපි අපේ ලෝකයේ ආතල් ම ගත්ත
බිසී නැති ඒ දවස් ,
ආයෙමත් නොදෙන්නම අතීතය අරන් ගිය
සිහිවෙද්දී ඉරිසියයි ආයේ ගන්නට බැරි නිසාම
ගස් ගෙඩි කාපු , මාලු අල්ලපු , සරුංගල් යවපු ක්රිකට් ගහපු උබට මං මට උබව ,
දැක්කා බං ඇස් දිලිසුන කදුලු බිදු අස්සේ
අලුත් අවුරුද්ද ට ඇවිත් බංකුවේ උඩ ඉදන්
ප්ලේන්ටිය බොද්දී.
 
-Chanuka Ranasuru Siriwardana