Sunday, March 22, 2026
Follow Us
හිමි අහිමි - කඳුළු නොනිමි

මග වැරදුනොත් වන මැද නපුරක්  වේය
රැවටුණු සිතක සෝ ගින්දර       ඇවිලේය

නුඹෙ පෙම මුලාවකි හඳුනනු    බැරිවීය
හැරදා ගියත් නුඹ මට හිමි      සැමියාය

මිඳුලේ එදා සඳ බලමින් ගැයු     ගීය
මට අද වගේ නුඹ හට අමතක    වීය
පුන් සඳ තාම ගෙපැලේ මිදුලට   ඒය
තනිවම කිමැයි මාගෙන් සඳ ව්මසාය

නොකැලැල් කියූ නුඹෙ සෙනෙහස වන වැදුනී
මගෙ පෙම් සැවුල් කරමල පැහැ රතු නොවුනී
කුලගෙයි මුදුන් යට ලීයට හෙණ        වැදුනී
මට හිමි සෙනේ වෙන හද මැදුරක     තැබුනී

රෑ තුන්යමට කඳුලින් තෙමෙන    තුන්හිරියා
තනි පැදුරේ දුක හඳුනයි ඇති          සැටියා
කුස දස එකඩ මස ලංවුණු කිරි       කැටියා
ඉන්නද මතු පිය සෙනෙහෙට ගතු  නොකියා

 

-Rahubadda Ariyawansa