Wednesday, June 24, 2026
Follow Us
සෑම ගිම්හානයකටම පසුව
සෑම ගිම්හානයකටම පසුව
පැමිණේවි වසන්තය නොපමාව
දුරු කර දමාවි විඳ දරාගත්
දුක් කම්කටොළු සියල්ලක්ම
ගිම්හානයේ සවිය වූවන්
මැකී යයි හදවතින් නොදැනීම
වසන්තයේ මල් සුවඳ ළඟ
නමුත් හිතවත,
සිහි තබා ගත යුතුමය
වසන්තය ඉක්මනින් ගෙවී ගොස්
නැවත් ගිම්හානයක් එන බව නොපමාව...
 
-WIP Nidharsani