Friday, May 03, 2024
Follow Us
අහගන්න මහත්තයෝ
සෙනෙහෙ දැනෙනවා දුරින් උන්නත්
කැක්කුමයි මට උඹ ගැන...
මං තරම් ඔය හිතට නැහුනද
කියාපන් කවුරුත් වෙන....
හිමි නැතත් උඹ,හිමි උනත් මට
නොකර වෙනසක් හිත් කොන..
ඉර හඳත් දිවුරලා කියන්නම්
උඹම විතරයි මගෙ පණ..........
......................................................
මතක් වෙද්දිත් රත්තරන් උඹ
ගැහෙනවා මගෙ ලේ කැටී...
ඇයිද දන් නෑ සත්තකින් මං
උඹට ලෙංගතු මේ හැටී......
ඔය හුස්ම පොද බැහැපු දාකදී
ඉරෙන හින්දම ඇස් වැටී....
පතන්නෙම ජීවීතේ වීයන්
උඹට වැඩියෙන් මට කෙටී.......
..................................................
ළඟට ඇවිදින් වින්දෙ නැතුවට
උඹේ ප්රේමය පැල් බැඳන්...
ඔය හිසේ මැද ඇඟිලි තිය තිය
නොපිරිමැද්දට ලන් කරන්....
පේනතෙක් මානයක නැතිමුත්
උඹව පපුවෙම හිර කරන්....
දන්නවද මං උඹව ඉඹිනවා
රෑට හීනෙන් රත්තරන් .........
....................................................
දුකක් කිය කිය කියවුවට පෙම
බැඳුනෙ නැති උන් උන්නද?....
සොඳුරු තැන් ඔය ප්රේමේ ඇතුළේ
මොන තරම්නම් තිබ්බද.....
නපුරුකම ඔය පිරිමි පපුවට
කොහෙන් ඔය හැටි ගත්තද...
ආදරෙයි මං උඹට කැටියක්
ඉතින් නිවියන් රංකඳ...
.......................................................
උනන පෙම මහ බරයි වස්තුව
රැල්ල තරමට සාගරේ....
හිත් රිදේවී,ඔව් තැවේවී
පිය මනින මේ මාවතේ......
එක දෙයක් දිවුරලා කියන්නම්
අත තියා අපෙ ආදරේ...
මහත්තයෝ ,,,,,,,
"""""""හිමි අහිමි කම කොහොම ලැබුණත්
උඹ තමයි මගෙ ජීවීතේ """...
..............................................................
Tharika Lakmali...