Saturday, November 23, 2024
Follow Us
කිසිදා මුණ නොගැසේවී

කලකට පසුව ලියමි නුඹට..
කාලෙකින් දුටුවා අද,


එදා වගේම නපුරු පාටයි..
එදා වගේම අහිංසකයි..
කතා කරන්නට සියයක් දේ තිබ්බත්
ඔයාගේ ඇස් මග ඇරලා යන්නම
හිත හදාගෙනමයි ආවේ මං..
තනියම දිගු රැයවල් පහන් කරපු අතීතය,
උල්පත් හිඳනකල් ඇස් දිය වට්ටපු තරම,
එක පාරක් කතා කරන්නට අවසර ඉල්ලපු තරම,
ඔයාගේ රූපේ එක්කම මගේ ඔලුවේ අකුණු ගැහුවා..
‍රිදුනු තැන් දැන් සුවපත් වෙලා වගේ දැනුනත්..
හුස්ම ගන්න වාරක් පාසාම,
පහුගිය මාස හතයි දවස් දාහතක් තිස්සෙම,
ඔයාව සිහි නොවුනු වෙලාවක් තිබුණේ නෑ කියලා
ඔයා දන්නේ නෑ රත්තරං..
සිහිවෙන විට ලියවෙන බව,
මමත් දැන ගත්තේ ඔයාගෙන්..
‍ලියන ලියන වාරයක් පාසාම,
රිදෙන බව දැනගත්තෙත් ඔයාගෙන්..
නමුත්..
මං ආසාවෙන්ම මාවම රිදවගන්නවා රත්තරං..
ආපහු හැරිලා බලන්නෙවත් නැතුව,
යන්නම්වත් නොකියා,
මං ආවේ, වෙන දෙයක් නිසා නෙවෙයි,
ඔයා ඉස්සරහා මට තවත් අසරණ වෙන්න බැරි නිසා..
එදා වගේම අදත් මාව ඔයාට නොදැනෙන නිසා..
පසුව ලියා තබමී,
මං තරම් ඔයාට ආදරේ කෙනෙක්,
ඔයාට කිසිදා මුණ නොගැසේවි රත්තරං..
ආදරෙයි මැණික..